ශ්‍රි ලංකාවේ සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති "සණස" යන කෙටි නාමයෙන් හදුන්වනු ලබයි. සීමාසහිත කොළඹ දිස්ත්‍රික්කය පුරා ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්තව ඇති ප්‍රාථමික සණස සමිති සදහාම සාමාජිකත්වය ලබා දෙනු ලබන ද්විතියික සංගමයක් ලෙස ස්ථාපිතය.
වර්ෂ 1979 දෙසැම්බර් මස 29 වන දින පිහිටුවන ලැබූ කොළඹ දිස්ත්රික් සණස සංගමය ලෙස වසර ගණනක් පිළිගත් මූල්‍ය සමූපකාර මූලධර්ම යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට ක්‍රියාකාරීත්වය තුලින් පෙන්නුම් කර ඇත. 1979 ඔක්තොම්බර් මස 27 වන දින ඩී පී වෙත්තසිංහ මහතා සභාපතීත්වයට පත්වෙමින් හා දයාපාල එච් ගමගේ මහතා ලේකම් ධූරයට පත්වෙමින් නුගේගොඩ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සුභසාධක ශාලාවේ දී පිහිටුවා ගත් කුඩා කමිටුවෙන් කොළඹ දිස්ත්රික් සණස සංගමය ප්‍රාණය දෙන්නට විය.
කොළඹ දිස්ත්රික් සණස සංගමය 1981 ජනවාරි 02 වන දින අංක කො 2655 යටතේ 1972 අංක 05 දරණ සමූපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලදී. ප්‍රජාව එක් සේසත් කිරීම, අධ්‍යාපනය, පුහුූණුව සහ පුළුල් ලෙස මූල්‍ය පහසුකම් සැපයීමේ අරමුණු ඇතිව 1981 සිට 1992 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්රික් සණස සංගමය ශාඛා කාර්යාල 07 ක් තාවකාලිකව විවෘත කරන ලදී’ ආරම්භයේ සිටම අව්‍යාජ බව, සාධාරණත්වය සහ අන් අය කෙරෙහි සැලකිලිමත් වීම යනාදී සාරධර්ම අප ආයතනය පෝෂණය කළේය.
වර්තමානය වන විට කොළඹ දිස්ත්රික් සණස සංගමයේ සමාජිකත්වය ලබාගත් සණස සමිති 364 ට හා අනෙකුත් ගණූදෙනුරුවන්ට සේවා පහසුකම් සැපයිම සදහා ප්‍රධාන කාර්යාලය ඇතුළුව ශාඛා කාර්යාල 06 ක් කි්‍රයාත්මක වේ. අප සැමවිටම සාමාජිකයින්ට හා ගණුදෙනුකරුවන්ට සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අවශ්‍ය විශිෂ්ඨ සේවාවක් ලබා දිමට උත්සහ ගන්නෙමු.
සණස සමිති සවිබල ගැන්වීමෙි පුරෝගිමියා වශයෙන් කටයුතු කිරීම
සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම් වූ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍යය හා සදාචාරය පිළිබඳ ජනතාව සවිබල ගැන්වීම සඳහා සාමාජික සමිති වලට මග පෙන්වීම සහ සේවා සැපයීම.
ඔබට උසස් සේවයක් සැපයීම අපගේ මූලික අරමුණයි. පලපුරුදු වෘත්තිය කණ්ඩායමකින් හෙබි අප සෑම විටම විශිෂ්ඨත්වය කරා ලගා වීමට ක්‍රියා කරන්නෙමු. ලොව පිළිගත් සාරධර්ම රැක ගනිමින් ඔබට වඩා හොද සේවයක් සැපයීමට අප නිරතුරුවම කැප වෙමු. අපගේ අරමුණු හා පරමාර්ථ මෙසේ පිළිගන්වමි.
- සාමාජිකයින් සඳහා නිවාස ව්‍යාපෘති සකස් කිරීම
- කාන්තාවන් සඳහා විශේෂිත ණය කි්‍රයාත්මක කිරීම
- ස්වයං රැකියා සඳහා ණය ලබා දීම.
- කාර්ය මණ්ඩලය සහ සාමාජිකයින් සඳහා පුහුණු පහසුකමක් ලබා දීම.
- ව්‍යවසායකයින් සඳහා ණය ලබා දීම
- සාමාජික සමිති ශක්තිමත් කිරීම.
අද බොහෝ රටවල ඉතාමත් විශේෂිත අර්ථයකින් ප‍්‍රයෝජනයට ගන්නා සමුපකාරයේ පරිණාමය ආරම්භ වූයේ මීට අවුරුදු 176 කට පෙර (වර්ෂ 1844* එංගලන්තයේ කර්මාන්ත කේෂ්ත‍්‍රයේ කම්කරුවන් සුලූ පිරිසක් විසින් රොච්ඬේල් නගරයේ ඇති කරන ලද සමුපකාර සමිතියක් සමගයි. මෙම කාලය වන විට පැවති ආර්ථිකයේ පිරිහීමේ තත්ත්වයෙන් ඉතාමත් අහිතකර ප‍්‍රථිඵල වලට ගොදුරුවීමේ පසුබිමක ඇති වූ ඔවුන්ගේ ජීවිතවල ඇති සියලූ බලාපොරොත්තු වැළද ගනිමින් සමාජික හා ආර්ථික තත්ත්්වය උසස් කිරීම මෙම සමිතියේ පරමාර්ථය විය. රොච්ඬේල් පුරෝගාමීන්, සමුපකාර පාරිභෝගික වෙළද සැලකින් ආරම්භ කළ ද, එයට පමණක් සීමා නොවී රෙදිපිළි, නිවාස, කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන, බෙදාහැරීම, අධ්‍යාපනය හා මත්පැනින් ඉවත්වීමට උනන්දුකරවීම ආදිය ද ඇතුලූව ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අභිප‍්‍රාය විය.
කාර්මික විප්ලවයත් සමග දුබලයාට ඇතිි වූ පීඩාවන් නිසාම ලෝකයේ රටවල් පුරා සමුපකාරය පැතිර යාම නිසා 1895 වන විට ජාත්‍යන්තර සමුපකාර සන්ධානය පිහිටවූ පසුව සමුපකාරයේ ඇති විශේෂිත බව නිර්වචනය කිරීමත්, එය හැදින්වීමේත් වගකීම් එයට පැවරුනි. රොච්ඬේල් පුරෝගාමින් පිලිගත් ප‍්‍රතිපත්ති වලින් ආරම්භව 1934 දීත්, 1966 දීත් පිලිගත් ප‍්‍රතිපත්තිි සිය සන්ධානයට ශතකයක් පිරුණු 1995 දීී පැවැති සම්මේලනයේ දී සමුපකාරය නිර්වචනය, අගනාකම් හා ප‍්‍රතිපත්ති අනන්‍යතා පිළිබද ප‍්‍රකාශයේ ඇතුලත්ව ඇත.
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා අවශ්‍ය වන ආර්ථික, නිෂ්පාදන, හෝ සේවාවන් ඉටු කිරීම ආදී සියලූ කේෂ්ත‍්‍රයන් සදහා සමුපකාරය යොදා ගැනීමට හැකිවේ. කණ්ඩායමක සාකච්ඡුාවෙන් ගන්නා නිගමනය, තනිව එළඹෙන නිගමනයට වඩා සාධාරණය. පොදු බවක් ඇත. සමුපකාරය ජීවන මාර්ගයක් මෙන්ම සමගිය බලය බවට පත් කරවයි. ආත්මාර්ථය සමගම පරාර්ථකාමිත්වය ප‍්‍රගුණ කරවයි. තනිව නොව එක්ව ගැටලූ වලට විසදුම් ලබා ගත හැකි බව සනාථ කරයි. වෙන්වීම නොව එක්වීමේ අගය වටහා දෙයි. අයහපතෙන් වළකා යහපතෙහිම යොදවයි. මුදලේ බලය නොව මිනිස්කම බලය වේ.
ශී‍්‍ර ලංකාවේ සමුපකාරය සදහා නීතිමය රාමුවක් ස්ථාපනය වන්නේ 1911 වර්ෂයේ දීය. කෘෂිකාර්මික අර්ථක‍්‍රමය ඉංගී‍්‍රසින් විසින් වැවිලි අර්ථ ක‍්‍රමයට පරිවර්තනය කිරීම සදහා ගත් කි‍්‍රයා දායමයන් නිසා සරල දිවි පෙවෙතකින් යැපුණු ජනතාව පිඩාවට පත්වීම නිසා ඇති වූ ණය ගැති භාවයට පිලියමක් ලෙස ඉතිරි කිරීම හා ණයදීම සදහා පමණක් ඇති කළ සමුපකාරය 1921 න් පසුව වෙනත් කේෂ්ත‍්‍ර සදහාද විකාශය වන පරිදි නීති රීති සම්පාදනය විය. ජීවන ගැටලූ වලට මුහුණ පා ඇති ජනතාව එම තත්ත්වයෙන් ගලවා ගැනීම සදහා සමුපකාරය ප‍්‍රබල අවියක් ලෙස යොදා ගත හැකි බවට වටහා ගැනීමට හෝ වටහා දීමට තරම් ප‍්‍රාගුණ්‍යයක් ඇති ඇත්තන් අතීතයේ සිටියත්, මෑත යුගයන් වන විට පාලන තන්ත‍්‍රයට පත්වන්නන් අතර හෝ නිලබලය ඇත්තන් තුළ නොමැති වීමේ විපාක වශයෙන් සමුපකාරයෙන් ගත හැකි උපරිම ඵල ගැනීමට රටක් වශයෙන් නොහැකි වී තිබේ. සමුපකාර ක‍්‍රමය තුළින් සිය ජීවන ගැටලූ විසදා ගැනීමේ භාවිතයන් නොතිබූ, වරප‍්‍රසාද ලත් පාලකයින් හා ප‍්‍රතිපත්ති සාදන්නන්, නිසා සමුපකාර භාවිතය ජන ජීවිත උසස් කිරීමේ තිරසාර උපායක් ලෙසට ඔවුන්ට නොවැටහීම මෙයට හේතුවේ. සමුපකාර කොමිෂන් සභා පත් කර කාලය හා ධනය විශාල වශයෙන් වැය කර සමුපකාරය කෙසේ දායක කර ගත යුතුදැයි යන්න පරීක්ෂාවට ලක්කර ඇතත්, එසේ ඉදිරිපත් කර ඇති වාර්තා හා නිර්දේශයන් වගකිව යුත්තන් ගේ අවධානයට යොමු නොවීම නිසා මෙම ශ්‍රේෂ්ඨ මානව හිතවාදී මහජන සංවිධාන ශක්තිමත් කිරීමේ පරිසරය නිර්මාණය වන්නේ නැත. එහෙත් අවශ්‍යතා ඇති සාමාන්‍ය ජනතාවට මෙමගින් ලැබෙන සේවාව අති මහත්ය. එහි ප‍්‍රමාණය හෝ ආර්ථික හා සමාජ සංවර්ධනයට දී ඇති දායකත්වය හෝ මැන බැලීමේ හෝ අගය කිරීමට පවා පවත්නා දත්ත රැුස්කිරීමක් පවා මෙරට ඇත්තේම නැත.