ඔබගේ සියළු අවශ්‍යතා මූල්‍යමය හා සංවර්ධනාත්මක වශයෙන් පරිපූර්ණ කිරීමට අප සැම විටම කටයුතු කලෙමු. එහිදී ඔබගේ කැමැත්ත පරිදි උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමට අප නිරතුරුව උත්සහ ගන්නෙමු.
ප්‍රාථමික සණස සමිතිවල කටයුතු විධිමත් ආකාරයට විමර්ෂනය කිරීම තුලින් වැරදි අඩුපාඩුකම් මගහරවා ගැනීමට හා ඉහල කාර්යකෂමතාවයක් ලගා කර ගැනීමට හැකිවනු ඇත. එබැවින් සමිතියක් විධිමත් ආකාරයට විමර්ෂන කරවා ගැනීමේ හැකියාව අප ආයතනය මගින් කරවා ගත හැකිය. විමර්ෂණය කරවා ගැනීම කාරක සභාවේ නිර්දේෂය මත කරුණු හෝ කිහිපයක් විධිමත් ක්‍රියාවලියෙන් යටතේ කලින් කලට වුවද සිදු කර ගත හැකිය.
සමූපකාර නීතියට අනුකූලව සෑම සණස සමිතියක්ම ගිණුම් වර්ෂය අවසන් වී මාස 3 ක් ඉක්මවා යාමට පෙර ව්‍යවස්ථාපිත විගණනය සිදුකල යුතුවේ. නිසිකලට විගණන කටයුතු සිදු කර ගැනීමට අපොහොසත් වූ සණස සමිති වලට සහනදායී ගාස්තුවක් යටතේ තම සමිතියේ විගණනය සදහා අවශ්‍ය ගිණුම් පොත් කට්ටලය සකස් කර දීමේ කටයුතු අප විසින් සිදුකරනු ලැබේ. සමූපකාර දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූල වන ආකාරයට ගිණුම් පොත් සකස් කර දීමේ හැකියාව අප සතු වේ. එහිදී සිදුකරනු ලබන කාර්යයන් පහත පරිදි සාරාංශ කල හැකිය.
ප්‍රාථමික සණස සමිති වල අභ්‍යන්තර ගිණුම් සකස් කිරීමේ දී පහත කටයුතු අප ආයතනයේ පරීකෂාවට ලක් කරනු ඇත.
ධනාත්මක චින්තනය ඇති කිරීම තුළින් සාර්ථක කළමණාකාරිත්වය ගොඩනැංවීම උදෙසා ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ තුළින් ව්‍යාපාරයේ සියළු දෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ඇති කරලීමට මග පෑදෙනු ඇත. මේ සදහා සණස ව්‍යාපාරයට සම්බන්ධ ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.
රටක අනාගතය රටක අනාගතය ළමා පරපුරයි. ළමා පරපුර යහපත් හා සාධාරණ රටක නියමුවන් කරවීමට අවශ්‍ය සියළු වැඩසටහන් අප ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අතර
අධ්‍යාත්මික පාඨමාලා පැවැත්වීම
ළමා ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන
සකසුරුවම් හා පරිසර හිතකාමීත්වය හුරු කරයි
ශිෂ්‍යත්ව ආධාර ලබා දීම
නේවාසික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය දැක්විය හැකිය
කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තව ඇති ප්‍රාථමික සණස සමිතිවල සාමාජිකත්වය ලබ ගැනීමට කාන්තා සාමාජිකත්වය සවිබල ගැන්විම සදහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.සණස කාන්තාව කුටුම්භයක් තුල ප්‍රධාන කාර්යභාරයක් සිදු කරන නිසා ඔවුන් දිරිමත් කරමින් නිවරදි ආර්ථිකය හැසිරවීමේ කොටස්කරුවන් බවට පත් කරවිම. එම පුහුණු වලින් අපේකෂා කරයි’ මෙම වැඩසටහන් ප්‍රාදේශීය මටටමින් සිදුකරනු ලබයි. එසේ කි‍්‍රියාත්මක කරන වැඩසටහන් අතර
කාන්තාවන් සදහා ආකල්ප සාමාජික වැඩමටහන් ක්‍රියාත්මක කිරීම
කාන්තා ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය සදහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම
කාන්තාවන් සදහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
වෛද්‍ය සායන පැවැත්වීම හා සෞඛන උපදෙස් ලබා දිමේ වැඩසටහන්
කාන්තාවන් සදහා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රටක් ආර්ථකමය වශයෙන් ශක්තිමත් කිරීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වැදගත්කම අතිමහත්ය. එහිදී සාර්ථක ව්‍යසායකයින් නිර්මාණය කරමින් මෙරටට දායක කිරිම සදහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් දියත් කරනු ලැබේ. එහිදී ඔවුනට
ව්‍යාපාර අවස්ථා හදුනා ගැනීම
ව්‍යාපාර සැලසුම් කිරීම
තාකෂණික ශිල්ප ක්‍රම ර්ණ උපදෙස් හා පුහුණුව ලබා දීමට
භෞතික හා මානව සම්පත් අත්පත් කර ගැනිම සදහා උපදෙස් ලබා දිම
මූල්‍ය පහසුකම් ලබා දිම
සාර්ථක ව්‍යවසායකයෙක් වන තෙක් සුරකෂිතව රැක බලා ගැනිම
ආදී කටයුතු පිළිබද පුහුණුව ලබා දීම සිදුකරයි
සමූපකාර අර්ථක්රමය සාර්ථකත්වය රදා පවතිනුයේ නිවරදි නායකත්වය තුලිනි. නිවරදි තීරණ ගනිමින් සාර්ථකත්වය ලගා කර ගැනීමට ශක්තිමත් නායකත්වය බිහි කිරීම උදෙසා නායකත්ව පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක වේ.
සණස ව්‍යාපාරයේ පැවැත්ම ශක්තිමත්ව රදා පවතිනුයේ සාර්ථක කළමණාකරනය තුලිනි. එබැවින් ප්රා්රථමික සණස සමිතිවල සේවා නියුක්ත කාර්ය මණ්ඩල සදහා නිවරදි පුහුණුවක් ලබා දිම කළමණාකරන පුහුණුව තුලින් සිදු කරයි.
ප්‍රාථමික සණස සමිතිවල කාර්ය මණ්ඩල වල සියළු දෙනා පුහුණු කරවිම සදහා පුහුණු වැඩසටහන් රාශියක් අප ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රාථමික කළමණාකරන පුහුණුව
ප්‍රාථමික සණස සමිති වල සේවක මණ්ඩලයේ සියළු දෙනා මූල්‍ය ගිණුම්කරණය, නායකත්වය,සමූපකාර නීතිය, ණය කළමාණාකරණය ර්ණ මහජන සම්බන්ධතා, සමූපකාර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, කාල කළමණාකරනය, සමූපකාර ව්‍යාපාරයේ ඉතිහාසය හා වර්තමාන පසුබිම, ආදි කරුණු පිළබදව දැනුවත් කිරීම සිදු කරයි
ජාතික සමූපකාර මණ්ඩලයේ විෂය නිර්දේශයට අනුකූලව සමූපකාර සේවකයින්ට සමූපකාර සංවර්ධන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පාඨමාලාවට හා සමූපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ පාඨමාලවට අදාල වන්නා වූ විෂය කරුණු පිළිබදව න්‍යායාත්මක හා ප්‍රයෝගික පූහුණුව ලබා දීම සිදු වේ. ජාතික සමූපකාර මණ්ඩලය මගින් ජාතික මට්ටමින් පවත්වනු ලබන විභාගය සමත් වන්නන්ට සහතික පත් ප්රදානය කිරීමද සිදු වේ.
සමූපකාර සංවර්ධන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පාඨමාලාව
සමූපකාර හා ව්‍යාපාරික පරිසරය
කළමණාකරනය
ගිණුම්කරනය හා ගිණුම් පටිපාටිය
නෛතික පරිසරය හා සමූපකාර නිතිය
කාර්යාල කළමණාකරනය
අලෙවිකරණය හා සමූපකාර අලෙවිකරණය
සමූපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ පාඨමාලව
ලේකම් පරිචය
නීතිය හා පරිචය
ගණකාධිකරණය
මූල්‍ය කළමණාකරනය
අලෙවි කළමණාකරනය
මානව සම්පත් කළමණාකරනය
සමාජික හා මාහජන සම්බන්ධතා
සමූපකාරය
ක්ෂේත්‍ර සම්බන්ධතා සකස් කිරීම
සමූපකාරය සමාජ ක්රමයකි’ ඔවුනොවුන් එක්ව ඔවුන්ගේ ප්‍රශ්න වලට සාමූහිකව විසදුම් සොයා ගැනීමත් ඒ තුලින් සාධාරණ සමාජයක් බිහිවනු ඇත. එමනිසා සණස සාමාජිකයා සාධාරණ සමාජයක හවුල්කරුවකු කරවීමට නම් ඔවුන්ට සමූපකාර ප්‍රතිපත්ති. සමූපකාර ක්‍රමය හා නීතිය. සමූපකාර ආචාර ධර්ම පිළිබදව අවබෝධයක් ලබා දීම වැදගත් වේ. සණස සාමාජික පුහුණු වැඩසටහන් මගින් එම සමාජ වගකීම ඉටු කරනු ඇත. එම පුහුණු වැඩසටහන් සදහා ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.
ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළින් මෙහෙයවීමේ භූමිකාව ප්‍රවිෂ්ඨ වන සණස නායකයින් සියළු දෙනාට සමූපකාර අර්ථ ක්රමයේ වැදගත්කම සමූපකාර නීතිය තුළ පවත්නා ප්‍රභලත්වය සමූපකාරය තුලින් බළ ප්‍රදේශය තුළ ඇති කළ හැකි සංවර්ධනය සණස ව්‍යාපාරයේ සියළු නායකයින්ට අවබෝධ කරදීම නායක පුහුණු වැඩසටහන් තුලින් සිදුවේ. තවද එම කටයුතු සාක්ෂාත් කර ගැනීම සදහා නායකත්වය හොබවන සියළු දෙනාගේ කාර්යභාරය පිලිබදවත් ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය සදහා දෙවන නායකත්වය නිර්මාණය කිරීමේ වැදගත්කම පහදා දීමද මෙම පුහුණුවෙන් සිදුවේ.
ඔබේ අවශ්‍යතා සපුරාලන මූල්‍ය සේවාවන් රාශියක් ඔබට ලබා දීමෙන් අපි ඔබව ආර්ථික වශයෙන් මෙන්ම සංවර්ධනය කිරීමට උත්සාහ කරමු. අපගේ වෘත්තිකයින්ගේ කණ්ඩායම ඔබට සහාය වන අතර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා අනුව පිළිතුරු ලබා දෙනු ඇත.
ස්වයං රැකියා නිර්මාණය තුලින් ආදායම් උත්පාදනය කිරිමට විශේෂ පුහුණුවක් ලබා දීමට අප නිරතුරුවම කටයුතු කරමු. ඒ සදහා ක්‍රියාත්මක කරන විශේෂ පුහුණු වැඩසටහන් තුලින් ව්‍යවසායකත්ව දැනුම හා නිපුණතා පුහුණුවක් ලබා දීමට අප කටයුතු කරමු’ ඊට අමතරව අනාගතයේ හිමිකරුවන් වන දුවා දරුවන් හා ඔවුන්ගේ සංවර්ධනය කෙරෙහි ද අප විශේෂ අවධානයක් යොමු කරමු
අපගේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව මූලික කරුණකි. නොවැළැක්විය හැකි සහ මඟට පැමිණිය හැකි ආරක්ෂක අවදානම් සහ අනතුරු වලින් අපි ඔබට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙමු. මුදල් ප්‍රවාහනය කිරීමේදී ඔබට අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන සෑම අවස්ථාවකම අපි ඔබව ආවරණය කිරීමට මෙහි සිටිමු.
ණයක් ලබාගෙන පසුව අභාවප්‍රාප්ත වූ සනාසා බැංකුවේ සාමාජිකයෙකු සිටී නම්. අපගේ සනසා ණය රක්ෂණය මඟින් ඇපකරුවන් හෝ යැපෙන්නන් වේවා ඊළඟට අවශ්‍ය රක්ෂණ ආවරණයක් ලැබෙනු ඇති බවට සහතික වේ. මරණය සිදු වූ විගසම ඒ සඳහා ඔබට අමතර ආරක්ෂාවක් ලබා දීමට අපි වගකීම දරන්නෙමු.
මෙම රක්ෂණ සැලැස්ම අපගේ සනාසා සාමාජිකයින්ට හෝ මරණයට ගොදුරු වූ යැපෙන්නන් වෙත විහිදේ. අහම්බෙන් වින්දිතයා හදිසි අනතුරකට ගොදුරු වී ඇත්නම්ල මෙම දුක්ඛිත අවස්ථාවන්හිදී ආධාර අවශ්‍ය අයගේ ප්‍රයෝජනය සඳහා රක්ෂණ සැලසුම දෙගුණයක ලාභයක් ලබා දෙනු ඇත.
මෙය තනිකරම අවදානම් සහිත රක්ෂණ සැලසුමකිග සමාජයේ මුදල් සුරක්ෂිතව තබා ගැනීම සඳහා ගබඩා කර ඇති මුදල් සොරකමක් හෝ සොරකමක් ඔබට හමු වූ අවස්ථා තිබේ. මෙවැනි අවිනිශ්චිත කාලවලදීල සමාජය විසින් ආරක්ෂා කර ඇති සියලුම අවදානම් මුළුමනින්ම ආවරණය වන පරිදි සනාසා ට්‍රාන්සිට් ආරක්ෂිත රක්ෂණය සහතික කරනු ඇත
සුවරැකුම රක්ෂණය සමඟ මිල අධික රෝහල් බිල්පත් හෝ වෛද්‍යවරුන්ගේ ගාස්තු ගැන ඔබට කරදර විය යුතු නැත. රෝහල් බිල්පත් සහ වෛද්‍යවරුන්ගේ ගෙවීම්වල පිරිවැය පියවා ගැනීම සඳහා සනස සාමාජිකයාගේ සහකාර සේවකයින් සහ සාමාජික මණ්ඩලය සඳහාම නිර්මාණය කර ඇති සැලැස්මකි. සියලු අනවශ්‍ය ආතතීන්ට සමුගෙන අද අපගේ රක්ෂණ සැලැස්ම භාවිතා කරන්න
මෙම රක්ෂණ සැලසුම ප්‍රධාන වශයෙන් සකස් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික් සංගමයේ වාර්ෂික ර්ණසනස වැඩ ඇගයීම් සඳහා ය.සාමාජිකයන් වෙනුවෙන් කරනු ලබන අධික වියදම් සඳහා ආධාරකයක් ලෙස මෙය සිදු කෙරේග දායක මුදල් භාවිතා නොකර එය කළ හැකිය
අපට වඩාත්ම විශ්වාසවන්ත හා වෙහෙස මහන්සි වී සේවය කළ අපගේ විශ්‍රාමිකයින්ට අපි ඔබ ගැන බලා ගන්නෙමු. අපගේ සණස විශ්‍රාම වැටුප් සැලැස්ම මඟින් අඩු මුදල් ආයෝජනයකින් ඔබට ඉහළ ලාභයක් ලැබෙන බව සහතික කෙරේ. ඔබ හොඳින් රැකබලා ගන්නා බවත්ල විශ්‍රාම ගැනීමෙන් පසුව පවා ඔබ මූල්‍යමය වශයෙන් ස්ථාවර වන බවත් අපි සහතික කරමු.
ප්‍රාථමික සණස සමිති වල කල්පසු වූ ණය අයකිරීමේ කාර්යන් ද අප ආයතනය විසින් සිදු කරනු ලබයි. එහිදි සණස සමිතියේ ණය අයකිරීම් කටයුතු සමූපකාර නීතිය අනුව සිදු කෙරෙන අතර එහිදී සහිකැදවීම් ලිපි යැවීම” පුද්ගලික සන්නිවේදනය කිරිම, ණය අයකිරීම් කදවුරු ක්‍රියාත්මක කිරීම, එන්තරවාසි යැවිම, තීරකකරණනයට යොමු කිරීම හා උසාවි බලගැන්වීම”,ආදි කටයුතු අප ආයතනයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි.
සමූපකාර ව්‍යාපාරය හා ක්‍රම වේදයන් පිළිබදව උනන්දු වන සියලූ දෙනාටම එකීී සංවිධාන වල සංවර්ධනයට ද ඵලදායක වන කරුණු පිළිබද අවබෝධයක් මෙම පොත පරිශිලණය කිරීමෙන් ලබා ගත හැක.
මෙම පොත පරිශිලණය කිරිම තුලින් ප්‍රථමික සණස සමිතියේ කාර්යකෂමතාවය දියුණු කර ගනිමින් සුදුසුකම් ඇති කාර්යමණ්ඩල පත් කර ගැනීම, උසස් කිරීම, වැටුප් හා දීමනා ගෙවිම, විනය කටයුතු සිදු කිරීම ආදිය සම්බන්ධයෙන් සමිති වල ඇති අවශ්‍යතාවය විවිධ අවස්ථා වලදී ඉස්මතු කරමින් ඊට සුදුසු උපදෙස් මාලාවන් පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.
සමිතියක විගණනයක දී ප්‍රයෝජනයට ගත හැකි අත් පොතක් ලෙස ද විගණනය කිරීම ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙය මග පෙන්වීමක් කරයි සෑම සණස සමිතියක්ම අත්පොතක් ලෙස මෙය පරිශිලණය කර හැක.
සමූපකාරය සමාජ ක්රමයකි ඔවුනොවුන් එක්ව ඔවුන්ගේ ප්‍රශ්න වලට සාමූහිකව විසදුම් සෙවීමකි එතැන දූෂණය, අසාධාරණය, වංචාව, තිබිය නොහැකිය. ලොව පිළිගත් සමූපකාර ක්‍රමය, පිළිගත් ප්‍රතිපත්ති, සාරධර්ම කවරේද රෑ ර්ණ යන්න හා ඈත මෑත කාලය තුල පැවති සමාජ ක්‍රමය සමූපකාරයට කෙතරම් සමීපද යන්න ගැන ද මනා අවබෝධයක් මෙම පොත පරිශිලණයෙන් ලබා ගත හැක.
සමූපකාරයට නීතිය නම් වූ මෙම පොත පරිශීලණය කිරීම තුලින් සමූපකාර සමිතියක් අරඹා පවත්වාගෙන යාමේ දී මතුවන හා මතුවිය හැකි කාරණා වලදී කටයුතු කලයුත්තේ කෙසේදැයි මග පෙන්වීම සදහා භාවිතා කළ හැකිය.
සමූපකාරය නම් මෙසේ යැයි වටහා ගෙන එය රැක ගැනීම සදහා ගත හැකි පියවරයන් ද පැරණි විද්වත් මත වර්තමානයේ මෙන්ම අනාගතයේ දී සමූපකාර ක්‍රමය ව්‍යාප්ත කිරිම, වැඩි දියුණු කිරීම, පවත්වාගෙන යාමට මගපෙන්වන මහජන නියෝජිතයින් ර්ණ රජයේ නිලධාරීන් සමූපකාර සංවිධාන වල මූලිකයින් හා සාමාජිකයින්ට හා ජනතාවට මෙම පොත අත් පොතක් සේ භාවිතා කල හැකිය.
මෙම පොත පරිශීලණය කිරීමෙන් ජනාධිපති පරිකෂණ කොමිෂමේ නිර්දේශයන් ද ඊට අමතරව ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ අනන්‍යතා ප්‍රකාශයේ ඇතුළත් ප්‍රතිපත්ති හා නිර්වචනයන් ද සාරධර්ම පිළිබදවද අවබෝධයක් ලබා ගත හැකිය.
මෙම ග්රන්ථයෙහි ප්‍රධාන වශයෙන් ඇතුලත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය මෙන්ම විදේශ සමූපකාර ව්‍යාපාරය පිළිබදවද විද්වතුන් විසින් ඉදිරිපත කළ හරවත් ලිපි පෙළක් ද ඇතුලත්ව ඇත.
කොළඹ දිස්ත්‍රික් සණස සමිති සංගමය මගින් නිකුත් කරන පුවත් පත සණස පුවත් කොළඹින් යන්නෙහි දිගු කලක් තිස්සේ ප්‍රශ්ණ හා පිළිතුරු ලෙස පළ වූ කථාබහ සරල ලෙස ඉදිරිපත් කර ඇත.
මෙම කෘතිය තුලින් වර්තමාන සමූපකාර ව්‍යාපාරයේ දැවෙන ගැටලූ දෙකක් පිළිබද විග්රහ කරමින් ද මැත කාලයේ දි සමූපකාර ඉතිහාසය පිළිබදව සමාලෝචනයක් ඉදිරිපත් කල වටිනා ග්රන්ථයකි.
විද්වත් මත වර්තමානයේ මෙන්ම අනාගතයේ දි සමූපකාර ක්‍රමය ව්‍යාප්ත කිරීම වැඩි දියුණු කිරීම, පවත්වාගෙන යාමට මගපෙන්වන මහජන නියෝජිතයින්, නීති සම්පාදකයින් ර්ණ රජයේ නිලධාරීන්, සමූපකාර සංවිධාන වල මූලිකයින් හා සාමාජිකයින්ට අත් පොතක් සේ පරිශීලනය කිරීමට මග පෙන්වන්නක් ලෙස මෙය භාවිතා කල හැකිය.
ප්‍රාථමික සණස සමිතිවල කළමණාකරණයට පත්වන ස්වේච්ඡා නායකයින් මෙන්ම සේවාවන්හි නිරත අය වෘත්තිමය වශයෙන් සුදුසුකම් ඇත්තන්ම නොවන නිසා සිය සමිතිය ක්‍රියාත්මක වන පෙදෙසට පිරිමැහෙන උසස් සේවාවක් කිරීමට හැකිවීමටත්, සිදුවිය හැකි අවභාවිතාවන් හෝ අක්රමිකතාවයන් වළක්වා ගෙන විය හැකි වැරදි අවම කිරීමටත්, නිවරදි තීරණ ගැනීමටත් හැකිවන පරිදි ර්ණ අවශ්‍ය මග පෙන්වීම් ඇතුලත් වන අත් පොතක් වශයෙන් පරිශීලනය කිරීමට මෙම පොත නිකුත් කර ඇත.
සමූපකාරය විමධ්‍යගත විෂයක් ලෙස 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවට පැවරීමෙන් පසුව, ඒ ඒ පළාත් සභාවලින් පනවනු ලබන ප්රඥප්ති හා රීතීන් මෙන්ම මධ්‍යම රජයේ පාලනයට යටත් සමූපකාර හා පළාත් ප්රඥප්ති සම්මත වන තෙක් එම පලාත් සදහාද මධ්‍යම රජයේ පනත හා රීතීන් බලපායි. 1911 මුලින්ම පනවා කලින් කළ සම්මත කරන ලද පනත් හා සංශෝධන පනත් ද සමූපකාර ව්‍යාපාරය තුලින් මතුවන විවිධ ආරවුල් විසදීම සදහා ඇති යාන්ත්‍රණය ද පිළිබද අවබෝධයක් මෙම පොත පරිශිලණය කිරිමෙන් ලබා ගත හැකිය.
සමූපකාර සංවිධානය තුළ ඇතිවන ආරවුල් විසදිම සදහා පවත්නා අධිකරණමය ක්‍රියාදාමයන්ට එළඹිමට සිදුවුවහොත් මෙම සංවිධාන වල සාමාජිකත්වයේ බහුතරයවන නිල බලය හෝ ධන බලය නොමැති ජනතාවට දරන්නට වන අධික වියදම මෙන්ම සිය සගයන්ට එරෙහිව නඩු මගට බැසීම ස්වේච්ඡාවෙන් නායකත්වයේ කටයුතු කිරීම දුබල කරවන්නක් බැවින් හා මෙම සංවිධාන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා සාමූහිකව ක්‍රියාත්මකවීම ධෛර්්‍යමත් කිරීම රජයක යුතුකම හා වගකීම වූ බැවින් සමූපකාර සංවිධාන සමග ඇති වන ආරවුල් නිරාකරණය කිරීම සදහා සිවිල් අධිකරණ බලතල සමූපකාර කොමසාරිස්ට හා රෙජිස්ට්රාර්වරයාට නීතියෙන්ම පැවැරීම සුවිශේෂ වූ යාන්ත්‍රණයක් ඇති කිරීමකි. එය නම් තීරකකරණ ක්‍රියාවලියයි. එන්තරවාසියක් යැවිමේ සිට තීරක ප්‍රදානයක් ලබා ගැනිමත් අනතුරුව අධිකරණය මගින් බලගැන්විම දක්වා වූ කාර්ය පටිපාටියත් ඒ සදහා උපයෝගි කරගත යුතු ලියවිලි පිලිබද අවබෝධයක් මෙම පොත පරිශීලණය කිරීමෙන් ලබා ගත හැකිය.