අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන තුළින් රටේ සමාජල ආර්ථික හා පාරිසරික සංවර්ධනයට දායක වීමට අපි කැපවී සිටිමු. ගෞරවනීය සමාගමක් ලෙස රටේ තිරසාර සංවර්ධනය සහතික කරමින් ජාතියේ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු.
ලෝක සෞඛ්‍ය සංවිධාන හා එක්ව බෝනොවන රෝග පිළිබදව සියළු සණස සමිති සාමාජිකයින් දැනුවත් කිරීම මෙම වැඩසටහන තුලින් අපේකෂිතය. බෝනොවන රෝග පිළිබද ජනතාව තුළ ඇති අවබෝධය මදිකම හේතුවෙන් බොහෝ සෞඛ්‍ය ගැටළු පැනනැගී ඇති බව වර්ථමාන පිළිගැනීමයි. එබැවින් සෑම සාමාජිකයෙකුම බෝනොවන රෝග හා රෝග පාලනය පිළිබදව දින 4 ක පූර්ණ අවබෝධයක් දීමෙන් පසු අවබෝධය ලැබූ අය සමාජගත කිරීමෙන් විශාල පිරිසක් වෙත දැනුවත්භාවය ලබා දීමට හැකියාව ලැබීම මෙම වැඩපිළිවෙලහි අරමුණයි.
කොළඹ දිස්ත්‍රික්කය පුරා සණස සමිතිවල සාමාජිකත්වය ලබා ගත් අය අතුරින් ආර්ථීකය දිනන්නට දැඩි උත්සාහයක නියැලෙන ග්‍රාමිය ව්‍යවසායකයින් හදුනා ගෙන ඔවුන්ට නොමිලේ උපදේශන සේවා ලබා දීම මෙමගින් සිදු කරනු ලබයි. ආර්ථීක ගැටළු විසදීම තුලින් බොහෝ සමාජ ප්‍රශ්න විසදිය හැකි බව අප පිළිගනිමු. එබැවින් ආර්ථිකය දිනන්නට උත්සහ දරණ සියල්ලන්ට ඔවුන්ට යා යුතු මාවත එළිපෙහෙලි කර දීම මෙම වැඩසටහන් තුලින් බලාොරොත්තු වේ. ව්‍යාපාරික අවස්ථා හදුනා ගැනීම, ව්‍යාපෘති වාර්තා සකස් කිරීම ආදී කටයුතු පිළිබද විශේෂ පුහුණුවක් ලබාදීම මෙමගින් සිදු කරන අතර පුහුණුවේ සාර්ථක ප්‍රථීඵල ලබා ගන්නන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ද අප ආයතනය තුලින් සපයනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කය පුරා ඇති සණස සමිති සවිබල ගැන්වීම අපගේ මූලික අරමුණයි. අප ආයතනයේ සාමාජිකත්වය ලබාගත් ප්‍රාථමික සණස සමිති වාර්ෂිකව ලේ දන්දීමේ වැඩටහන් රාශියක් සිදු කිරීමට ක්‍රියාත්මක වි ඇත. මෙවැනි වැඩසටහන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13 ම ආවරණය වන ආකාරයට සිදු කරනු ලබයි. එමෙන්ම ප්‍රජාව කෙරෙහි සැළකිලිමත් වීම මූලික කොට සලකමින් මහජනයාට පොදු සේවා පහසුකම් සපයන රෝහල්, බස් නැවතුම්, තැපැල් කාර්යාල ආදි පොදු ස්ථාන නවීකරණය කරදිමේ කටයුතු වලටද යොමු වී ඇත. සමිති විසින් උපයන අතිරික්තයෙන් මෙවැනි යහපත් ක්‍රියාවන් ඉටු කිරීමට යොමු වී ඇත.